රට තුළ තිබෙන උග්‍ර ගිනි පෙට්ටි හිඟය හේතුවෙන් ඇතැම් ප්‍ර‘දේශවල ගිනි පෙට්ටියක මිල රුපියල් දහය දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, ගිනි පෙට්ටි වෙනුවට ලයිටර් මිලදී ගැනීමට ජනතාවට සිදුව තිබෙන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
ගිනි පෙට්ටි යනු රටේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවත්, මෙම භාණ්ඩය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වෙඩි බෙහෙත් විදේශ රටවලින් ගෙන්වන බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසීය.
එලෙස වෙඩි බෙහෙත් ගෙන්වීමේදී ඇතිවී තිබෙන ගැටලුවක් හේතුවෙන් ගිනි පෙට්ටි නිෂ්පාදනය කරගැනීමට නොහැකි වී තිබෙන බවට ගිනි පෙට්ටි නිෂ්පාදකයන් සඳහන් කරන බවද හෙතෙම සඳහන් කළේය.
මේ නිසා රජය වහාම මැදිහත් වී මෙම ගැටලුවට විසඳුම් ලබාදිය යුතු බවත්, ගිනි පෙට්ටි වෙනුවට වෙනත් විකල්ප භාවිතා කිරීමට යාමේදී විවිධ අනතුරුද ඇති විය හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.
මීට අමතරව භාණ්ඩ මිලදී ගැනීමේදී ඉතුරු මුදල් වෙනුවට ගිනි පෙට්ටියක් ලබාදීම වැනි ක්‍රියා සිදුවූ බවත්, එහෙත් පවතින ගිනි පෙට්ටි හිඟය නිසා මුදල් ඉතුරු මුදල් වෙනුවට ටොපි, චොකලට් වැනිදේ ලබාදෙන බවත් සභාපතිවරයා පවසා සිටියේය.
ගිනි පෙට්ටියක සාමාන්‍ය මිල රුපියල් 05 ක් බවත්, එහෙත් පවතින හිඟය නිසා එම මුදල දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.