අනවසරයෙන් ගිනි අවි ළග තබාගෙන ඇති පුද්ගලයින්ට ඒවා රජයට බාර දීමට පොදු සමාකාලයක් නැවත වරක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව අනිද්දා (30දා) සිට ජුනි 17 දා දක්වා මෙම කාලසීමාව ක්‍රියාවට නැංවෙයි. ගිනි අවි බාරදෙන්නන්ට නීතියෙන් දඩුවම් කිරිමක් හෝ නඩු පැවරීමක් සිදු නොකරන බවත් අමාත්‍යාංශය කියයි.
ළගම ඇති පොලිස් ස්ථානයට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට මෙම ගිනි අවි බාරදීම සිදු කළ හැකිය.