මහනුවර වත්තේගම මාර්ගයේ පොල්ගොල්ල විවෘත විශ්වවිද්‍යාලය අසල මහවැලි ගඟ අසබඩ පිහිටි මහවැලි අධිකාරියට අයත් උණ රක්ෂිතයේ ඊයේ (13දා) සවස හදිසි ගින්නක් හටගැනීම නිසා එම රක්ෂිතයට විශාල හානියක් සිදු වී තිබේ.
මෙම ගින්න හේතුවෙන් පැය හතරකට වැඩි කාලයක් මාර්ගයේ වාහන ගමනාගමනය ඇණහිට තිබූ අතර, මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළේය .
හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්