දිවයිනේ දකුණු දිගට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ගිං ගඟ මෙන්ම නිල්වලා ගඟ පිටාර මට්ටමමට පැමිණ තිබේ. ගිං ගඟ ව්‍යාපෘතියේ ඉංජිනේරු අමරජිව මහතා ප්‍රකාශ කළේ ගිං ගඟ අවට සිටින ජනතවට අවධානයෙන් සිටින ලෙසයි.
නාගොඩ, උනන්විටිය, උඩුගම උතුර, බද්දේගම, ගෝනපීනුවල, මාජුවාන, ප්‍ර දේශවල ජනතාවට අවධානයෙන් සිටින්නැයි ඔහු පැවැසීය. මේ අතර මාතර දිස්ත්‍රික්කයේ කොක්මාදුව අධිවේගී පිවිසුම අසළ මාර්ගය ජලයෙන් යට වීමේ අවධානමකට පැමිණ තිබුණි.
එසේම මාතර නිල්වලා ගඟද අද දහවල් වන විට පිටා මට්ටමට පැමිණ තිබුණ බව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පැවැසීය.
නිමල් අල්ගෙවත්ත