ගෑස් සිලින්ඩරයක් විකිණීමේදී පාරිභෝගිකයාට අවශ්‍ය වුවහොත් සිලින්ඩරය කිරා මැන බැලීම සඳහා තරාදියක් අනිවාර්ය කැර තිබෙන නීතිය කඩ කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව පියවර ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය සැලසුම් කැර තිබේ.
2008 වසරේදී පැනවූ මෙම නීතිය මේ වන විට ක්‍රියාවට නැංවීමේ දී ව්‍යාපාරිකයන් මැලි බවක් දක්වන බවට පැමැණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබඳව දිවයින පුරා සොයා බැලීමට කණ්ඩායම් යෙදවීමට කුටයුතු කරන බව පාරිභෝගික අධිකාරියේ සභාපති රූම් මරුෂුක් මහතා පවසයි.
ගෑස් සිලින්ඩර විකුණන ස්ථානවල එම සිලින්ඩර කිරා මැනි බැලීමට තරාදියක් නොමැති නම් 1977ට දැනුම් දෙන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.