ගෑස් මිල වැඩිකිරීමට ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ(20දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේබව පැවසීය.
ගෑස් මිල වැඩිකිරීමට සමාගම්වලින් ඉල්ලීම් ලැබී තිබුණද, ආණ්ඩුව මෙතෙක් ඒපිළිබඳ සාකච්ඡා කර නොමැති බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ගෑස් මිල සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය සහ ජීවන වියදම් කමිටුවේ අදහස් මත අමාත්‍ය මණ්ඩලය සාකච්ඡාකර තීරණයක් ගන්නා බවත්, මෙතෙක් එලෙස සාකච්ඡා කර නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදියුදීන් මහතා,
&පාරිභෝගික අධිකාරියට මේවෙලාවේ මිල වැඩිකිරීමේ ඉල්ලීම්හැමදාම එනවා. නමුත් ඒකට මිල කමිටුවක් තිබෙනවා. ජීවන වියදම් කමිටුවක් තිබෙනවා. කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. මේ සියල්ලන් සමග කතාකරලා තමයි අපි තීරණයක් ගතයුතුව තිබෙන්නෙ.
ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක්. මේනිසා මිල සූත්‍රයක් හඳුන්වාදෙන්නත් අපි හිතාගෙන ඉන්නවා. කැබිනට් අනුමැතිය දුන්නොත් පමණයි අපි වැඩිකරන්නෙ. තවම එහෙම තීරණයක් අරගෙන නැහැ* යැයි පැවසීය.