ශ්‍රී ලංකාවේ දුප්පත්කම තුරන් කිරීම සඳහා ලෝක බැංකුවෙන් ණය ආධාර ලබාදෙන ගැමි දිරිය ව්‍යාපෘතියෙන් රුපියල් ලක්ෂ 150ක මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගැමි දිරිය බදුල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
දුප්පත්කම හේතුවෙන්ම ගම්වාසීන් විසින් අතහැරගොස් සිටින 'අක්‍රීය ගම්මාන' ලෙස නම් කොට ඇති ගම්මාන 60 ක ව්‍යාපෘති වලට බව කියමින් සහ මිනිසුන් සිටින 'සක්‍රීය ගම්මාන' වල කළ ව්‍යාපෘති වලට වැය වූ මුදලට වඩා වැඩි මුදලක් වැය වූ බවට සටහන් යොදා අදාළ වංචාව සිදුකොට ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.