ඉතාහාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවැත්වූ විශාලතම මැයි දින රැලිය ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධනයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
දළදා සමිඳුගේ ආශීර්වාදය මත මෙම රැලිය පැවැත්වූ බවත්, මේ හේතුවෙන් රැලිය අවසන් වීමෙන් පසු අවමංග්‍ය උත්සවවලට සහභාගි වීමට සිදුනොවූ බවත් අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
යම්යම් පිරිස් ගෝල්ෆේස් පිටියට පැමිණ සෙනග දැක්කාද යනුවෙන් අසන බවත්, එහෙත් ගෝල්ෆේස් පිටියට වඩා විශාල පිරිසක් රැස්වීම්වලදී දැක තිබෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.