ගැටඹේ රාඡෝපවනාරාම විහාරස්ථානයේ වන්දනා මාන සඳහා ඊයේ (23දා) පෙරවරුවේ පැමිණි කාන්තාවකගේ ගමන් මලුව සොරාගන්නා ආකාරය විහාරස්ථානයේ සවිකොට ඇති සී.සී.ටී.වී. දර්ශන තුළ අන්තර්ගතව ඇත.
විහාරයට පැමිණි කාන්තාවන් දෙදෙනා ගමන් මලු තබන ස්ථානයේ තම ගමන් මලු තබා වන්දනා මාන කරන අතර තුර එය සොරෙකු විසින් පැහැරගෙන ඇති බව එම කාන්තාවන් දෙදෙනා හිමිවරුන්ට පවසා ඇත.
ගමන් මලුව තුළ වටිනා දුරකථනයක් හා මුදල් පසුම්බියද තිබු බව කාන්තාවන් විහාරයට පවසා තිබේ. මේ සම්බන්ධව පේරාදෙණිය පොලීසියටද පැමිණිලි කර ඇත.
ගැටඹේ රාඡෝපවනාරාම විහාරස්ථානයේ බෝධි පුජා පිංකම් සඳහා දිනකට විශාල පිරිසක් පැමිණෙන අතර මීට පෙරද මෙසේ ගමන් මලු දුරකථන මුදල් පසුම්බි සොරාගෙන තිබේ.