ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රමුඛ ශ්රී ලංකා නිදහස් පක්ෂය ගැටඹේ රැළියක් පවත්වන බවත් එය ගැට ඇබයක් තරම්වත් නොවටිනා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
කොළඹ බී.ආර්.සී. පිටියේ පැවැත්වෙන ජවිපෙ මැයි රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
“කවුරු හරි අතුරු සිදුව නැතිව පිරෙනවා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් බී.ආර්.සී. පිටිය පිරී තිබෙන ආකාරයට බව කියන්න පුළුවන්. බොහෝ අය ඉඩ නැතිව හයිලෙවල් පාරේ ඉන්නවා. ප්රධාන පක්ෂ දෙක අවුරුදු 70ක් රට පාලනය කරලා ජනතාවට මොනවද දුන්නේ.
ජනතාවත් රටත් ආපස්සට ගෙන ගියා. රට නිහීන රාජ්යක් , දුප්පත්, හිඟන රටක් බවට පත්කළා. ජනතා පාලනයකින් රට ඉදිරියට ගෙන යා යුතුයි. අපේ රට දැවැන්ත ණය කන්දක පාලකයෝ හිර කළා. 1985දී රටේ ණය බර කෝටි 1300යි. 2014දී බිලියන 7391යි. 2017දී එම අගය බිලියන 10500යි. ”