ගාසා තීරයේ දීර්ඝ කාලීන සටන් විරාමයක් වෙනුවෙන් ඊශ්‍රායලය හා පලස්තීන සටන්කාමීන් එකඟ වී ඇති බව වාර්තා වෙයි.
මේ දීර්ඝ කාලීන සටන් විරාමයත් සමග සති හතක් පුරා ගාසා තීරයේ පැවති ගැටුම්වලට විරාමයක් ලැබුණත්, මේ හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 2,200කට වැඩිය.
මෙම සාම වෑයම වෙනුවෙන් මැදිහත්කරුවෙකු ලෙස ඊජිප්තුව කටයුතු කළ අතර, ඒ අනුව, එරට වේලාවෙන් අද (26දා) රාත්‍රී 7.00 සිට දීර්ඝ කාලීන සටන් විරාමය ආරම්භ විය.
පලස්තීන හමාස් සංවිධානයේ නියෝජ්‍ය දේශපාලන නායක මවුස්සා අබු මර්සොවුක් පවසා සිටින්නේ මේ ගිවිසුම විරෝධය පෑමේ ජයග්‍රහණයක් ලෙස ප්‍රකට කෙරෙන බවයි.
මේ අතර, පලස්තීනය වෙත හදිසි ආධාර හා ගොඩනැගිලි ද්‍රව්‍ය රැගෙන යාම සඳහා මාර්ග බාධක ඉවත් කරමින් ඉඩ සලසන බව ඊශ්‍රායලයද පවසා තිබේ.