ලෝක උරුමයක් වන ගාලු කොටුවේ ඕලන්ද යුගයේ ආරක්ෂක කටයුතු සඳහා ඉදිකරනු ලැබූ සඳු අට්ටාලය සංරක්ෂණ කිරීමට කටයුතු ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය හා ගාලු උරුමය පදනම මගින් සිදුකිරීමට පියවර ගෙන ඇත.
17 වන ශත වර්ෂයේ මැද භාගයේ ආරම්භ කර ඇති මෙම අට්ටාලය ඉංග්‍රීසි යුගයේදී භාවිතයට ගෙන නොමැති අතර 2014 වසරේ දී ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය හා ගාලු උරුමය පදනම මඟින් සංරක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසුව ගාල්ල ඉතිහාසය පිළිඹිබු වන අයුරින් චිත්‍ර හා මූර්ති මැදිරියක් ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 06කි. දෙස් විදෙස් ජනතාවගේ දැනුම වර්ධනය කිරීමත් සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කිරීමත් මෙහි ප්‍රධාන අරමුණ වන අතර, ඒ අනුව මෙම සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කෙරේ.