ගාලු කොටුවේ ගොඩනැගිලි බහුතරයක් විදේශිකයින් යටතට
ගාලු කොටුවේ ගොඩනැගිලි සියයට අධික සංඛ්‍යාවක් මේ වනවිට විදේශිකයන් විසින් මිලදී ගෙන ඇති බවත්, තුන්දහසකට ආසන්න ජනගහනයක් සිටි කොටුවේ ජනගහය එක්දහස් පන්සියකට අඩුවී ඇති බවත් ගාලු උරුමය පදනම පවසයි.
රජයේ ආයතන පවත්වාගෙන යන ගොඩනැගිලි 37ක් ඇතුළු ගොඩනැගිලි 450ක් පමණ කොටුවේ තිබෙන අතර, ඒවායින් සියයකට අධික ප්‍රමාණයක් විදේශිකයන් විසින් මිලදී ගෙන ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම ගොඩනැගිලි ලන්දේසි සහ ඉංග්‍රීසි යුගවලට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ඒවාය. මේ වනවිට අධිකරණ සංකීර්ණය, ප්‍රසිද්ධ පාසල් දෙකක්, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, පුරාවිද්‍යා කාර්යාලය, මාර්ග සංවර්ධන කාර්යාලය, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, ඉංජිනේරු කාර්යාලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, මෝටර් රථ පරීක්ෂක කාර්යාලය, නිවාස සංවර්ධන අධිකාරිය හා බැංකු ඇතුළු රජයේ ආයතන 37ක් කොටුව තුළ තිබෙන අතර, ඒවා කොටුවෙන් ඉවත් කිරීම සඳහා විකල්ප ස්ථාන ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.
ගාලු කොටුවේ ගොඩනැගිලි රුපියල් කෝටි ගණන්වලට අලෙවි වන අතර, දැනට විදේශිකයන් මිලදී ගෙන ඇති බොහෝ ගොඩනැගිලි නවීකරණය කර සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාර පවත්වා ගෙනයයි.
රජයේ ගොඩනැගිලි කිහිපයක් පසු භාවිතය සඳහා විධිමත් ලෙස සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

