ගාල්ලෙන් මී උණ රෝගීන් 101ක්
මෙම වර්ෂයේ ජුනි මාසය වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ මී උණ වැලඳුණු රෝගීන් 101ක් වාර්තා වී ඇති බවත් රෝගීන් 04දෙනකු මේ වන විට මියගොස් ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පාලිත විජේසේන මහතා පැවසීය.
ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය. දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ අද (20දා) මෙම රැස්වීම පැවැත්වුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
මී උණ හෙවත් ලෙප්ටෙස්පයිරෝයිස් රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කරන්දෙනිය, ඇල්පිටිය, උඩුගම හා තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලිනුයි. පසුගිය වර්ෂයේ වාර්තා වී ඇති මී උණ රෝගීන් ප්‍රමාණය 132ක් වන අතර මරණ 13 සිදුව තිබෙනවා.
පසුගිය දිනවල ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ද මී උණ රෝගය පැතිරයාමේ වැඩි අවදානමක් පවතින හෙයින් වී, කුරුඳු හා තේ වැනි කෘෂිකාර්මික වගා බිම් වල සේවයේ නියුතු පුද්ගලයන් මේ සම්බන්ධව වඩා සැලකිළිමත් විය යුතුයි.
පුරන් කුඹුරුවල මීයන් වැඩි වශයෙන් ගැවසෙන බැවින් එවැනි ස්ථාන වල සේවයේ නිරත පුද්ගලයන් වැඩි වශයෙන් ප්‍රවේසම් විය යුතු අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල වල මී උණ රෝගයට ලබාදෙන ඖෂධ අවශ්‍ය තරම් පවතින නිසා රෝගය වැලඳුණු පුස්ගලයන් ඒවා නිසි මාත්‍රාවෙන් ලබාගැනීමෙන් මෙම රෝගයෙන් වැළකිය හැකියි.යැයිද පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

