ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය, අක්මීමණ සහ රත්ගම ආසන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නව ආසන සංවිධායකවරුන් තිදෙනෙකු පත්කොට තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආසන සංවිධායකවරුන්ගේ පත්වීමට අදාළ ලිපි අද (21දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඔවුන්ට ලබාදුන්නේය.
බලපිටිය ආසනය සඳහා දයාරත්න ද සිල්වා මහතාද, අක්මීමන ආසනය සඳහා යූ.ජී.ඩී. ආරියතිලක මහතාද, රත්ගම ආසනය සඳහා අමරසිරි කුරුවගේ මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකයන් වශයෙන් පත් කර තිබේ.
දයාරත්න ද සිල්වා මහතා බළපිටිය පළාත් සභාවේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ අතර, යූ.ජී.ඩී. ආරියතිලක මහතා දකුණු පළාත් සභා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කොට ඇත.එමෙන්ම අමරසිරි කුරුවගේ මහතා පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.