ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන ගාල්ලේ මැයි රැලියට සහභාගි නොවී වෙනත් පක්ෂයක් හෝ කණ්ඩායමක් සංවිධානය කරනමැයි රැලිවලට සහභාගි වන ඕනෑම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු පක්ෂයෙන් නෙරපීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් 'අද' පුවත්පතට වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන තනතුරු හොබවන පාර්ශ්ව අතර සිදුව ඇති දීර්ඝ සාකච්ඡාවකදී පක්ෂය ආරක්ෂා කරගැනීම සඳහා ඉදිරියේදී දැඩි තීන්දු තීරණ ගත යුතු බවට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලියට සහභාගි නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා වී ඇත්තේ අදාළ සාකච්ඡාවේදීය.
අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගියදා කොළඹ හයිඩ් පිටියේ පැවැති ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ රැලියට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂ අභ්‍යන්තරය තුළ දැඩි විරෝධතාවක් පැවතීමද මෙම තීරණය ගැනීමට හේතුවී ඇති බවයි.
එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට එරෙහිව ක්‍රියාකළ පළාත් පාලන ප්‍රධානීන් පිරිසක්ද පක්ෂයෙන් ඉවත් කිරීමට පසුගියදා තීරණය කර තිබේ.