ගාල්ල හා මාතර දේපොළ හානි - මාර්ග අවහිර වීම්
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද සුළං තත්ත්වය හේතුවෙන් දේපොළ හානි රැසක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහිදී, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ ඇති වී තිබෙන ගැඹුරු අවපීඩන තත්ත්වය හේතුවෙන් දිවයිනේ දකුණු සහ නිරිතදිග ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මීටර් 80ක් දක්වා ඉහළ යා හැකි බවයි.
දිවයිනේ දකුණු පළාතට අයත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඊයේ (29දා) රාත්‍රියේ සිටම වර්ෂා සහිත කාලගුණයක් පැවති අතර, එම තත්ත්වය වර්ධනය වී දැඩි සුළං තත්ත්වයක්ද හටගෙන තිබුණි.
එහිදී, ඇතැම් ස්ථානවල ගස් කඩා වැටීම් හේතුවෙන් ගාල්ල, හබරාදූව, හීනටිගල, නාගොඩ, යටලමත්ත ආදී ප්‍රදේශවල විදුලි බලයද ඇණහිට තිබූ බව වාර්තා විය.
එමෙන්ම, නුගේගොඩ හා තදාසන්න නගර කිහිපයකද විදුලිය ඇණහිටීම් වාර්තා විය. මේ අතර, ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට ගස් කඩා වැටීම් හේතුවෙන් අවහිර වී ඇති අතර, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව එම ස්ථාන යථා තත්ත්වයට පත් කරමින් සිටි බවද කියවුණි.
මාතර දිස්ත්‍රික්කයේද ප්‍රදේශ රැසකට මෙම දැඩි වර්ෂාව හා දැඩි සුළං තත්ත්වයෙන් බලපෑම් එල්ල කර තිබූ අතර, විදුලිය විසන්ධි වීම්ද වාර්තා විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

