ග්රෑන්ඩ්පාස් හි ඊයේ (14දා) සිදුවූ ගොඩනැගිල්ල කඩා වැටීමට අදාළව එම සමාගමේ හිමිකරු අද (15දා) පොලීසියට බාර වී ඇත. ඊයේ සිදුවූ මෙම සිදුවීමෙන් පුද්ගලයන් 7 දෙනෙක් මියගිය අතර දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. මියගිය පුද්ගලයන් අතර එම ගොඩනැගිල්ලේ හිමිකරුද වෙයි.