රාජකාරි කටයුත්තක් සඳහා රඹෑව ප්රදේශිය ලේකම් කාර්යාලයට ගිය ග්රාම නිලධාරිවරියෙකුට රඹෑව ප්රදේශිය සභාවේ හිටපු මන්ත්රිවරයෙක් සිදුකළ පහරදීමකින් නාසයට බරපල තුවාල සිදුවී ප්රතිකාර සදහා මැදවච්චිය රජයේ රෝහලට ඇතුළත් කර තිබේ.
ප්රහාරයෙන් තුවාල ලැබූ ග්රාම නිලධාරීවරයාගේ නාසය පුපුරා ගොස් මැහුම් දෙකක් යොදා තිබේ. පහරදීම සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය ග්රාම නිලධාරිවරයාගෙන් ප්රකාශයක් සටහන් කර ගෙන තිබේ.