ග්‍රාම සේවා නිලධාරීන් සහ ජනපති අතර හමුවක්
- 25 10 2014
- 20:57
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත් නියෝජනය කරන ග්‍රාම සේවා නිලධාරීන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (25දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති බව වාර්තා වෙයි.
ග්‍රාම නිලධාරී සේවාව ගෞරවනීය සේවාවක් බවට පත්කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය විසින් මෙහිදි ජනාධිපතිවරයා වෙත උපහාර තිළිණයක්ද පිළිගන්වා තිබේ.
අමාත්‍ය ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාතය ප්‍රසන්න රණතුංග, සබරගමුව පලාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පී.බී.අබේකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

