ග්රාම නිලධාරීවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කුරුණෑගල දිස්ත්රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී නිමල් විජේසිංහ මහතා අද (22දා) දහවල් මාවතගම විලස්ස මහේස්ත්රාත් අධිකරණයට භාරවිය.
අධිකරණයට භාරවීමෙන් පසුව මන්ත්රීවරයා රුපියල් 100,000 ක ශරීර ඇපයක් හා රුපියල් 1500 ක මුදල් ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්රාත් නාමල් බණ්ඩාර මහතා කටයුතු කළේය. එළඹෙන 25 වැනිදා නැවතත් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසද මහේස්ත්රාත්වරයා මන්ත්රීවරයාට නියෝග කළේය.