1965 තරම් ඈත වකවානුවක, එකල තිබූ අවශ්‍යතාව මත ගොඩනැගුණු ග්‍රහලෝකාගාරය වර්තමාන සමාජ පරිවර්තනයට හා නවීන විද්‍යා දියුණුවට ගැළපෙන ආකාරයට උසස් මට්ටමට ගෙන ඒම සඳහා උපදෙස් ලබාදී තිබේ.
උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහ ග්‍රහලෝකාගාරයේ නිලධාරීන් අතර අද (08දා) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබාදී තිබේ.
සෙසු රටවල පවතින නවීන ග්‍රහලෝකාගාර මෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය දියුණු කළ යුතු බවත්, විද්‍යා සංස්කෘතියක් ඇති කිරීම සඳහා වන කාර්ය භාර්යයයේ දී පාසල් සිසුන්ගේ නවීන විද්‍යාත්මක දැනුම පුළුල් කිරීම උදෙසා මෙම ආයතනය ක්‍රියා කළ යුතු බවත් අමාත්‍ය අමුණුගම මහතා මෙහිදී පවසා ඇත.
එමෙන්ම, මේ සඳහා තමා විසින් 'ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර පරිශ්‍රයෙහි ගවේශණාගාරයක් ඉදිකිරීම' යන මැයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇති බවද පවසා තිබේ.