විවිධ ග්‍රහයන්ට වර්ණ තිබුණද පක්ෂ නොමැති බවත්, අවුරුදු සමයේ විවිධ නැකැත් සඳහා අදාළ ග්‍රහයන්ට අදාළව වර්ණ නම් කළ බවත් ජ්‍යෝතිර්වේදී ඩබ්.ඒ.ඩී.ඒ. වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ අද (19දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදීය.
1862 වසරේ සිට මේදක්වා හිසතෙල් චාරිත්‍ර වාර විසි හතරක් බටහිර දිශාවට මුහුණපා පවත්වා ඇති බවත්, එමෙන්ම ආහාර පිසීම සහ අනුභව කිරීමේ නැකත් චාරිත්‍ර අවස්ථා තිස් එකක්ද බටහිර දිශාවට යෙදී ඇති බවත් ජ්‍යෝතිර්වේදී පානදුරේ ප්‍රශාන්ත මලෙවිගේ මහතා අදහස් දක්වමින් කියා සිටියේය.එමෙන්ම කිසිදු අවස්ථාවක බටහිර දිසාව අසුබ දිශාවක් ලෙස සලකා නොමැති බවත්, වාස්තු විද්‍යාවේදී බටහිර දිශාවට යොමුකර ඉදිකිරීම් පවා සිදුකරන බවත්ඔහු කීය