ග්ලයිෆොසේට් වල් නාශකයට වඩා පහළොස් ගුණයකින් විෂ වැඩි ග්ලුෆොසිනේට් වල්නාශකය තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.
වකුගඩු රෝග ඇති කිරීමට අමතරව පිරිමින් වඳභාවයට පවා පත්කරන ග්ලුෆොසිනේට් වල්නාශකය පසුගියදා හොර රහසේ ලංකාවට ගෙනැවිත් තිබිණි.
වකුගඩු රෝගය ඇති කරන බවට සොයාගෙන තිබෙන ග්ලයිෆොසේට් වල්නාශකය රටතුළ තහනම් කර තිබූ අතර, එයට විකල්පයක් ලෙස හොර රහසේ ග්ලුෆොසිනේට් වල්නාශකය ගෙන්වීමට ප්රධාන පෙළේ සමාගම් දෙකක් කටයුතු කර තිබේ.