නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (29දා) කීරමුණ්දලම ප්රදේශයේ පඳුරක් තුළ සඟවා තිබූ ග්ලයිකොපොස්ෆේට් කිලෝග්රෑම් 630ක් අඩංගු මලු 21ක් සොයා ගෙන තිබේ.
ඒ අනුව D- era ග්ලයිකොපොස්ෆේට් පැකට් 1500ක් සහ Anu 71 ග්ලයිකොපොස්ෆේට් පැකට් 4800ක් මෙම වැටලීමේදී සොයා ගෙන තිබේ.
මෙම රසායනිකය පොහොර සමග මිශ්රකර භාවිත කරන බවට තොරතුරු වාර්තා වී ඇති අතර, සොයාගත් ග්ලයිකොපොස්ෆේට් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘමිනාශක අංශය වෙත බාරදී තිබේ.
එමෙන්ම පසුගිය 21 වැනිදා පෙරියපාඩු ප්රදේශයේ ලොරි රථයකින් ප්රවාහනය කරමින් තිබූ ග්ලයිකොපොස්ෆේට් පැකට් 4205ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.