ගව ඝාතනයේදී ගවයාට සිදුවන වේදනාව අවම කිරීම සඳහා යන්ත්ර භාවිත කිරීමට නියම කරන්නැයි ඉල්ලමින් ස්වර්ණා බෝපිටිය මහත්මිය කොළඹ දිසා අධිකරණයේ පෙත්සමක් ගොනු කළාය.
බුද්ධ ශාසන ඇමතිවරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත.ලෝකයේ වෙනත් රටවල යන්ත්ර සූත්ර භාවිත කරමින් වේදනාව අවම වන පරිදි ගව ඝාතනය සිදු කළද, අප රටේ ගවයන් ඝාතනය කරන්නේ එම සතුන්ට පහර දී දැඩි වේදනා ගෙනදෙන අන්දමින් බව පෙන්වාදෙන බෝපිටිය මහත්මිය අප රටේද ගවයන් ඝාතනය සඳහා යන්ත්ර සූත්ර භාව කිරීමට නියම කරන්නැයි ඉල්ලා සිටියි.