www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
දඹුල්ල - කුරුණෑගල ප්රධාන මාර්ගයේ ගලේවෙල යටිගල්පොත්ත ප්රදේශයේ දී අද (02දා) අලුයම 5.30ට පමණ බස්රථයක් හා වැන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රියේ ගමන් ගත් හතර දෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා තිබේ.
කැකිරාව සිට කොඹෙ බලා ධාවනය වූ දඹුල්ල ඩිපෝවට අයත් බස් රථයක් හා මාරවිල තොඩුවාව ප්රදේශයේ සිට මාදුරුඔය කතෝලික පල්ලියක දේව මෙහෙයකට සහභාගීවීමට ගිය පිරිසක් රැගත් වෑන් රථයකි .
අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් ගැබිණි මවක් වන යුරේෂා කැලුමිනි (31) ඇයගේ පුතා ටී .සුලක්ෂණ (04) ඇයගේ නැන්දනිය ලිලී මේරි (60) සහ වෑන් රථයේ රියදුරු ඩබ්ලිව් .හේෂාන් හර්ෂණ (21) යන අයවෙති.
වෑන් රථයේ ගමන් කළ තවත් හතර දෙනෙකු හා බස් රියේ මගියෙකු තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්රතිකාර ලබයි. තුවාල කරුවන්ගෙන් තිදෙනකුටම බරපතල බවත් ඔවුන් විශේෂ ප්රතිකාරඳහා වෙනත් රෝහල් වලට මාරු කර යවන බව දඹුල්ල රෝහලේ ප්රකාශකයකු පැවසිය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd