ගල්ගේදේවල රක්ෂිතයේ මහා පරිමාණ කුඹුක් දැව ජාවාරමක් සිදුකල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
ලග්ගල, මඩුමාන ගල්ගේදේවල රක්ෂිතයේ මහා පරිමාණ කුඹුක් දැව ජාවාරමක් සිදුකර ගෙනගිය පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (28දා) අත්අඩංගුවට ගෙන නාඋල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස්දහසක ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.
ලග්ගල ප්රාදේශීය සභාව සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුගේ ඥාතීන් සහ ආධාරකරුවන් පිරිසක් මහා පරිමාණ කුඹුක් දැව ජාවාරමක් සිදුකරමින් යන බවට ලග්ගල පොලීසියට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීමේදී සැකකරුවන් විසින් කපා දමන ලද කුඹුක් ගස් හතරක්ද සොයාගෙන ඇත.
ගල්ගේදේවල ඇළ මාර්ගයේ තිබූ වසර 400ක් පමණ පැරණි කුඹුක් ගස් හතරක් මේ අකාරයෙන් කපා කොටස් කර ඇතැයි ලග්ගල අඩවි වන නිලධාරීහු පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලීසිය හා ලග්ගල අඩවි වන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.






