මහරගම ප්රදේශයට ඊයේ (19දා) පස්වරුවේ ඇදහැලුන වර්ෂාවත් සමග හමාගිය දැඩි සුළඟත් සමග එක්වරම වැසි ජලය සමග අහසේ සිට ඉබි පැටවුන් කීපදෙනෙක් බිමට පතිත වූ පුවතක්වත්තේ ගෙදර - ගැමුණු මාවත ප්රදේශයෙන් වාර්තාවේ.
තම නිවසේ වහල මතට කැබලි ලෙසින් යම් ඝනද්රව්යයක් වැටෙන ශබ්දය ඇසී නිවසින් පිටතට පැමිණ බලන විට විශාල ප්රමාණයේ ඉබි පැටවුන් විශේෂයක් වහලේ සිට වැසි ජලය සමග පහතට ගලාවිත් මිදුලට වැටී තිබෙනු දුටු බව වත්තේගෙදරගැමුණු මාවතේපදිංචිව සිටින රංජිත් දයාරත්න මහතා පැවසීය.
මෙම ඉබි පැටවුන් පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් පසු, අද (20දා) මෙම ඉබි පැටවුන් එම දෙපාර්තමේන්තු නිලධාරින්ට භාරදීමට කටයුතු යොදා තිබුණි.මෙම ඉබි පැටවුන් Melanochelystrijugathermalis නමින් හඳුන්වන ගල් ඉබ්බන් විශේෂයට අයත් බව පැවසේ.
අමිල සංකල්ප