වේදනාවෙන් තොර දරු ප්‍රසූතියක් ලබාදීම සඳහා ගර්භණී කාන්තාවන්ට එන්ටර් නොක්ස් නම් වේදනානාශක ඖෂධය සියලුම ගර්භණී කාන්තාවන්ට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකාවේ කිසිදු ඖෂධ හිඟයක් මේ වන විට නොමැති බවද කිසියම් රෝහලක ඖෂධ හිඟයක් පවතින්නේ නම් එය නිලධාරීන්ගේ වරදක් බවද අමාත්‍යවරයා බවසන අතර රජයේ රෝහල්වල ඖෂධ සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් බිලියන 60ක් බැවින් එය අඩුකර ගැනීම සඳහා ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.