මන්නාරම, ශිලාවතුර ඇතුළු ප්‍රදේශවල නැවත පදිංචියට පැමිණි පිරිස් වෙනුවෙන් එම ගම්මානවලට අයත් ඉඩම් ලබාදිය යුතු බවටත්, ඓතිහාසික වනාන්තරයට අයත් ඉඩම් වනාන්තරය සමග තිබිය යුතු බවටත් අධිකරණය තීන්දු කළ යුතුව ඇතැයි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ පෙරේදා (05දා) මන්නාරම, ශිලාවතුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
&‘ඔබ සියලු දෙනා වියළි කලාපයක ජීවත් වෙන්නේ. වටේ වනාන්තරය තිබෙනවා. මේ ගමෙන් පිටත් වුණාට පස්සේ මේ කුඹුරු පුරන් වෙලා. සමහර ඒවා වනාන්තරයට ඇතුළත් වෙලා තිබෙනවා. ගමේ සමහර කොටසුත් වනාන්තරයට ඇතුළත් වෙලා තිබෙනවා. එක පැත්තකින් ගමට අයත් ඉඩම් ගමට ගන්න ඕන. අනෙක් පැත්තෙන් ඒ ඓතිහාසික වනයට අයත් ඉඩම් ඒ වනය එක්ක තියන්න ඕන. අපි උසාවියට කියමු මේ ප්රශ්නය විසඳලා දෙන්න කියලා. එතකොට කුඹුරුවලට ගිහින් ගොවිතැන් කරන්න පුළුවන්. කුඹුරු කරන්න වතුර ඕන. මේ ප්‍රදේශයේ වැව් ප්‍රතිසංස්කරණය කරන්න පියවර අරන් තිබෙනවා. ඒ අනුව අගතිමුරිප්පු කුලම්, ව්යායඩි කුලම් ප්‍රතිසංස්කරණය කරන්න පියවර ගෙන තිබෙනවා.
ශිලාවතුර නගර සැලසුම් කරන්නත් අපි තීරණය කර තිබෙනවා. රෝහලත් සංවර්ධනය කරන්න රිෂාඩ් ඇමතිතුමා පියවර ගෙන තිබෙනවා. ඒ රෝහල මෙහාට අවශ්‍යයි. අපි නාවික හමුදාව සමගත් සාකච්ඡා කරනවා. ඒ නිසා ගමේ ආණ්ඩුව අපට දිනවලා දෙන්න, ගමට වැඩක් වෙන්න එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා* යැයි පවසා සිටියේය.