තමා ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි අයෙකු බව ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බවත්, එසේ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාට නොහැකි වුවහොත් හෙතෙම තමාගෙනුත්, කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙනුත් ප්‍රසිද්ධියේ සමාව ගෙන දේශපාලනයෙන්ද ඉවත්විය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා ඊයේ (24දා) පැවසීය.
ගම්මන්පිල මහතා එසේ ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපතිති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා විසින් පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ගම්මන්පිල මහතා ජයග්‍රහණය කළද ඔහුට මන්ත්‍රී ධුරයේ කටයුතු කළ නොහැකි බවට කළ සඳහන් කිරීමට අභියෝග කරමිනි.