ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පළාත් සභා මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් 'පිවිතුරු හෙළ උරුමය' නමින් නව දේශපාලන පක්ෂයක් බිහිකර තිබේ.
එහි සංකේතය නෙළුම් මල වන අතර, මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා දැනුවත් කිරීමටද ගම්මන්පිල මහතා කටයුතු කර ඇත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකරන පිවිතුරු ජාතික හෙළ උරුමයට මේ වනවිට ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් 18 ක්, පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ වෙනත් පක්ෂවල පළාත් පාලන මන්ත්‍රීවරුන් තිදෙනෙක් සහාය පළකරති.