19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජිත තොරතුරු දැනගැනීමේ අයිතිය බුක්ති විඳි පළමු ශ්‍රී ලාංකිකයා තමන් බව පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පැවසීය.
කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (20දා) දහවල් ගොස් තමන් ඇතුළු පිරිසකට එරෙහිව ඇති රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සම්බන්ධ පැමිණිල්ලේ ප්‍රගතිය පිළිබඳ විමසා පිටතට පැමිණි අවස්ථාවේදී ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.
"මෙය ඓතිහාසික අවස්ථාවක්. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාදුන්නු තොරතුරු දැනගැනීමේ අයිතිය හාහාපුරා කියලා බුක්ති වින්ඳ ලංකාවෙ පළමු පුරවැසියා" යැයි හෙතෙම පවසා සිටියේය.