ගම්පොළ දොළුව විකුම් සමන්ත මහතා ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා නිපදවූ යන්ත්‍රය වැඩිදියුණු කරඇතැයි විද්‍යා, තාක්ෂණය හා පර්යේෂණ අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව වැඩිදියුණු කළ එම යන්ත්‍රයේ ආදර්ශයක් එළැඹෙන 07 දා අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වෙත ලබාදීමට නියමිතය.
අමාත්‍යාංශීය ආයතනික විද්වතුන් පිරිසකගේ උපදෙස් පරිදි මෙම යන්ත්‍රය වැඩි දියුණු කර කර තිබේ.ඒ සඳහා වැය වූ මුදල්ද අමාත්‍යාංශය විසින් දරා තිබේ.වැඩිදියුණු කළ යන්ත්‍ර ඉදිරියේදී පළාත් පාලන ආයතන වෙත ලබාදීමට අමාත්‍යාංශයේ අවධානය යොසුව තිබේ.