ගම්පහ දිස්ත්‍රික්කයේ අධික ජනගහණය හේතුකොට ගෙන පානීය ජලය සැපයීමේ ගැටළුවක් පවතින අතර ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම වැනි කාරණා පදනම් කර ගෙන පිරිසිදු පානීය ජලය ලබා දීමේ දී විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවන බවවිශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
ඒ අනුව කටාන ජල ව්‍යාපෘතිය මෙන්ම ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති මඟින් අවශ්‍ය ජලය ලබා දීමටත් කටයුතු කරන අතර පාරිභෝගික ජනතාවද පිරිසිදු පානීය ජලය සුරැකීම සඳහා පියවර ගත යුතු බව පෙන්වා දුන්නාය.
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ජල ව්‍යාපෘතිය ඉදිරියේදී ඉදිකිරීමට යෝජිත එමගින් දිනකට මීටර් කියුබ් 54,000ක් පිරිපහදු කිරීමට හැකි අතර ඉන් ලක්ෂ 06කට පමණ ප්රතිලාභ අත්වනු ඇත.