ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පසුගියදා සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ පොලීසිය අද (06දා) කටයුතු කොට ඇත.
කලහකාරී ලෙස හැසිරීම, රාජ්‍ය දේපළවලට හානිකිරීම, මාධ්‍යවේදීන්ට පහරදී ඔවුන්ගේ උපකරණවලට හානි සිදුකිරීම යන චෝදනා යටතේ එම විදුහලේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් දෙදෙනෙකු හා 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.