ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර සමාගම් ගබඩාවන්හි පවතින සියලුම පොහොර තොග වහාම වෙළෙඳපොළ වෙත නිකුත් කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම පොහොර සමාගම්හි නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඒ මහතා මේ බව පවසා ඇත්තේ අදාළ පොහොර සමාගම් නිලධාරීන් හා අමාත්‍යාංශ නිලධාරීන් සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදීය.
රජයේ අනුමත මිලට ලබා දෙනු ලබන පොහොර දිවයිනේ ඇතැම් ප්‍රදේශ සඳහා නොලැබී ඇති බවත්, එසේම අදාළ පොහොර සමාගම් වෙතින් විධිමත්ව, ප්‍රමාණාත්මක ලෙස පොහොර වෙළෙඳපොළ වෙත නිකුත් කර නොමැති බවත් එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.