සී ෂෙල්ස් රාජ්‍යයේ ස්ථාපිත මෙරට රාජ්‍ය බැංකුවේ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව තිදෙනෙක් පමණක් බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව අනාවරණය කරගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් එම බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයෙන් වාර්තාවක් කැදවා ඇති බව එම කමිටු සමාජිකයෙකු පැවසීය. 2011 වර්ෂයේ දී මෙරට රාජ්‍ය බැංකුවක් මහ බැංකු නිර්ණායකවලින් බැහැරව සී ෂෙල්ස් රාජ්‍යයේ මෙම බැංකු ශාඛාව ආරම්භ කර තිබේ.