යහපාලනය යටතේ ගතවූ වසර පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
රටක ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කිරීම සඳහා ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතු බවත් විපක්ෂය ආරක්ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව පවතින බවත් හෙතෙම පැවසුයේ මහනුවර ප්‍රදේශයේ අද පැවති ආගමික උත්සවයකට එක්වීමෙනි. රටේ ජනතාවට නව දේශපාලන පක්ෂයක අවශ්‍යතාව ඇතිවුවහොත් එවැන්නක් පිහිටුවීමට ඉඩකඩ ඇති බවද ඔහු පෙන්වා දෙන බවද මෙහිදී කීය.