පසුගිය වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අලාභය රු.මිලියන 380 ක් බවත්, ගත වූ මාස 5ක කාලය තුළ එය ලාභයක් බවට පරිවර්තනය කර ඇති බවත් මුදල් ඇමති කියයි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ පවසා සිටියේ ජාතික ලොතරැයි මණ්ඩල නවතම ලොතරැයිය වන නිරෝගා ලොතරැයිය හඳුන්වාදීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
"පසුගිය වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අලාභය රු.මිලියන 380ක්. ගත වූ මාස 5ක කාලය තුළ එය ලාභයක් බවට පරිවර්තනය කර තියෙනවා. එය සිදුකර තියෙන්නෙ අනවශ්‍ය වියදම් නැති කර, ආදායම වැඩි කිරීම මගිනුයි." යැයි පවසා සිටියේය.
වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් ම මෙම ලොතරැයිය හඳුන්වා දීම විශේෂත්වයකි.
සෑම සෙනසුරාදා ම දිනුම් අදිනු ලබන මෙම ලොතරැයියේ අවම පළමු වැනි ත්‍යාගය ආරම්භ වන්නේ රුපියල් ලක්ෂ 25 කිනි.