අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ගණිත විෂය අසමත් ශිෂ්‍යයන් පාසල් පද්ධතිය තුළ රඳවාගැනීමට වූ ඓතිහාසික තීන්දුවකට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (17දා) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය අසමත් සිසුන්ට එම විෂයය අවුරුදු දෙකක් ඇතුළත සමත් වීමට අවස්ථාව ලබාදීම සිදු කරන බව ඒ මහතා සඳහන් කළේය.
සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් අතරින් 2013 වර්ෂයේ 12.64෴ ක්ද, 2012 වර්ෂයේ 12.91෴ ක්ද ගණිතය විෂය අසමත්ව තිබූ බවත්, මෙවැනි දරුවන් අනෙක් විෂයන් සමත්ව තිබුණත් සම්පුර්ණ විභාගය අසමත් ලෙසට ගණන් බැලන නිසාවෙන් මෙම තීරණය ගැනීම හේතුවූ බව රඹුක්වැල්ල මහතා පවසා සිටියේය.
නව තීරණයට අනුව ගණිතය අසමත් සිසුන්ට උසස් පෙළ කලා විෂය ධාරාවට අමතරව උසස් පෙළට තාක්ෂණ විෂය ධාරාවේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය හැදෑරීමට අවස්ථාව උදාකර දී ඇත.