ගංවතුර හා නායයෑම් ආපදාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයන් වෙත ආහාර නොවන හදිසි ආපදා සහන ලෙස මෙට්ට, ඇතිරිලි, ඇඳම් සහ සනීපාරක්ෂක කට්ටල ලබාදීම සඳහා ඇමෙරිකාව රු.මිලියන 7.2ක් ප්රදානය කර තිබේ.
මීට අමතරව, කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් USAID විදේශ ආපදා ආධාර පිළිබඳ කාර්යාලය සමග එක්ව, ගංවතුර සහ නියං තත්ත්වවලින් පීඩා විඳින ජනතාව සඳහා රු.මිලියන 144ක වියදමින් ආරක්ෂිත, ආපදාවලට ඔරොත්තු දිය හැකි තුන් අවුරුදු පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කඩිනමින් සැලසුම් කරමින් සිටින බවද පවසයි.