කොළඹ දිස්ත්රික්කයට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නිවාස විනාශ වූ ජනතාවට වන්දි ලබාදෙන තෙක් වන්දි මුදලේ අත්තිකාරමක් ලෙස මේ මස 20 වැනිදා රුපියල් දසදහසක අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
කොළොන්නාව, කඩුවෙල, හංවැල්ල ප්ර‘දේශවල නිවාස 4000කට අධික ප්රමාණයක් විනාශ වී ඇතැයි වාර්තාවන අතර, විනාශයට පත් නිවාසවල හානිය තක්සේරු කරන තෙක් මෙම මුදල ලබාදීමට රජය තීරණය කර ඇත. මීට අමතරව සාලාව කඳවුර තුල සිදුවූ පිපිරීම නිසා විනාශයට පත් නිවාස හිමියන්ට ලබාදෙන රුපියල් 50000දීමනාව අද වනවිට නිවාස හිමියන් 150 දෙනෙකුට ලබාදී තිබේ.