ගංවතුරින් දකුණු පළාත් පාසල් වලට වූ හානිය රු.මි 3000කට අධිකයි
ගංවතුර හා නායයාම් නිසා දකුණු පළාතේ පාසල් පද්ධතියට සිදුවී ඇති හානිය රුපියල් මිලියන 3000කට අධික බව දකුණු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වයි.වික්‍රමසිරි මහතා සඳහන් කරයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් ගොඩනැගිලි හා උපකරණ වලට සිදුවූ හානිය මේ වනවිට ඇස්තමේන්තු කරමින් පවතින බවත් මෙම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවද ලේකම්වරයා සඳහන් කළේය.
මේ හේතුවෙන් දකුණු පළාතේ පාසල් 114කට පමණ පූර්ණ වශයෙන් හා අර්ධ වශයෙන් හානි සිදුවී තිබේ. මේ අනුය ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 17කට, මාතර දිස්ත්‍රික්කයේ පාසල් 75කට හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් 22කට පූර්ණ වශයෙන් හා අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බවද ඔහු පවසා සිටියේය.
ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම පාසල් සංඛ්‍යාවකට හානි වී ඇත්තේ උඩුගම අධ්‍යාපන කලාපයේ වන අතර එම පාසල් සංඛ්‍යාව 08කි. මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයේ පාසල් 26කට හා මොරවක අධ්‍යාපන කලාපයේ පාසල් 08කට දැඩි හානි සිදුවී ඇති බවද ලේකම්වරයා පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

