ගංජා තබාගත් ඕස්ට්‍රේලියානු තරුණියක් අත්අඩංගුවට
- 20 11 2016
- 17:40
- {{hitsCtrl.values.hits}} views
- . .
කේරළ ගංජා මිලිග්‍රෑම් 3000ක් සමගඔස්ට්රේලියානු ජාතික තරුණියක ඇල්ල නගරයේදී අද (20දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
සංචාරක වීසා මත ඉකුත් 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම 25 හැවිරිදි විදේශික තරුණිය ඕස්ට්‍රේලියාවේ ඖෂධවේදිනියක ලෙස රැකියාව කරන බවද පොලීසිය කීය.
මීට දින දෙකකට ඉහතදී ඇල්ල ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණ සිටි බව කියන මෙම තරුණිය අද (20දා) ලද තොරතුරක් මත කේරළ ගංජා සමග අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කළේය.
ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතා මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඇල්ල ප්‍රසාද් රුක්මල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
