චාවකච්චේරි මීසාලේ ප්රදේශයේ වෙල්යායක් අසල මාර්ගයක තිබියදී කැනයිබීස් සැටයිවා එල් නොහොත් ගංජා අඩංගුව තිබූ කවර 11ක් අත්අඩංගුවට ගත්බව චාවකච්චේරි පොලීසිය පවසයි.
මෙම පාර්සල් තුළ ගංජා කිලෝග්රෑම් 231ක් තිබූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සිදුවීමට අදාළ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.