ගිංගඟේ බද්දගෙම ප්‍ර‘දේශයේ හා කළුගඟේ, කලවැල්ලාව ප්‍ර‘දේශයේ සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව කළුගඟේ පුටුපාවුල ප්‍ර‘දේශවල ජනතාව සහ නිල්වලා ගඟේ පානදුගම අත්තනගලු ඔය, දුනමලේ ප්‍ර‘දේශවල ජල ගැලීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද වාරිමාර්ග අධ්‍යක්ෂක (ජල විද්‍යා) පී. හෙට්ටිආරච්චි මහතා ඉල්ලා සිටියි. කැලණි ගඟේ ජල මට්ටම සාමාන්‍ය බවද පවසා සිටියේය.