පැවැති අධික වර්ෂා තත්ත්වය නිසා සුළු ගංවතුර තත්ත්වයක් ඇති වූ ගංගා තුනේ ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වී තිබේ.
ඇති වූ අධික වර්ෂා තත්ත්වය නිසා ගිං, නිල්වලා ගඟ සහ කළු ගගේ පහත් ප්‍රදේශවලින් ජලය පිටාර ගැලීම සිදු විය. මේ නිසා ගංඟා දෙපස ජනතාව දැඩි පීඩාවට ලක් වූ අතර, මෙම තත්ත්වය මහා ගංවතුරක් බවට පත්වේ යැයි බොහෝ දෙනෙකු තුළ බියක්ද ඇති වී තිබුණි.
එහෙත් මේ වනවිට ගංඟා තුනේම ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.