ලංකා ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිතියට එරෙහිව දියත්කර ඇති ප්රහාර දැඩිව හෙළාදකින බව ශ්රීලංකා නිදහස් සේවක සංගමයේ ප්රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්ර මහතා පවසයි.
මේවනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිතියේ සභාපති සහ විධායක සභිකයෙකුගේ වැඩ තහනම් කර ඇති බවත්, සමිති කාර්යාලයට සීල් තබා ඇති බවත් ඔහු සඳහන් කරයි.
පසුගිය මැයි දිනයෙන් පසුව සිදුකර ඇති මෙම ක්රියාවන්හි අරමුණ වී ඇත්තේ පාලකයන්ට ගැති නොවන වෘත්තීය සමිති නායකයන්ගෙන් පළිගැනීමට බවත්, මෙම කිසිදු ක්රියාමාර්ගයක් හමුවේ තම සංගමය කිසිවිටක දුර්වල කළ නොහැකි බවත් දේවේන්ද්ර මහතා වැඩිදුරටත් කියා සිටියි.